Wikimedia Foundation elections/Board elections/2011/si

From Meta, a Wikimedia project coordination wiki
ජන්ද විමසීම් කටයුතු 2011 ජූනි මස 12 වැනි දිනෙන් අවසානයි. තව දුරටත් ජන්ද භාර ගනු නොලැබේ.
ජන්දයෙහි ප්‍රතිඵල 2011 ජූනි මස 17 වැනි දින ප්‍රකාශයට පත් කරනු ලබයි.
2011 මණ්ඩල තෝරාගැනීම
සංවිධානය

භාරකාර මණ්ඩලය සදහා ඡන්දය විමසීම් කටයුතු 2011 මැයි මස 29 වැනි දින සහ ජූනි මස 12 වැනි දින අතර පැවැත්වීමට නියමිතය. විකීමාධ්‍ය ප්‍රජාවෙහි සාමාජිකයන් සතුව වර්ෂ-දෙකක කාලසීමාවක් (2013 දී  අවසාන වෙන) සදහා අපේක්ෂකයන් තිදෙනෙක් තෝරාගැනීම සදහා අවස්ථාව ඇත. භාරකාර මණ්ඩලය යනු විකීමාධ්‍ය පදනමෙහි අවසාන පාලන බලධාරියන් වේ. (විකීමීඩියා පදනම යනු එක්සත් ජනපදයෙහි ලියාපදිංචි කරන ලද 501(c)(3) ලාභ සඳහා නොපවත්වන සංවිධානයක් වේ). විකීමාධ්‍ය පදනම විසින් විවිධ නානාප්‍රකාර ව්‍යාපෘති පාලනය කරනු ලැබේ. විකිපීඩියා සහ කොමන්ස් මේවාට උදාහරණ වේ.

ජන්ද විමසීම් කටයුතු පොදු අයිතියෙහි ඇති මෘදුකාංග වලට අයත්  සර්වර් වලදී ඉතා ආරක්ෂාකාරී ලෙස  පවත්වනු ලැබේ. මනාපයන් රහසිගත වන අතර මැතිවරණ කමිටුව, මණ්ඩලය, හෝ මේවායින් කිසිවෙකුටවත් පොදු අයිතිය මත මෘදුකාංග මගින් මේවාට ප්‍රවේශ වීමට නොහැක. මනාප තොරතුරු මැතිවරණය (මැතිවරණ කමිටුවේ) විගණනය සහ ප්‍රගණනය කරන තෝරාගත් පුද්ගලයින් කිහිප දෙනෙකුට බැලිය හැක. ඡන්ද දායකයින් තරා කළ වරණයන් අපේක්ෂකයන් හට අංක යෙදීම මගින් ප්‍රකාශ කරයි. අපේක්ෂකයන් හට ලබා දුන් මනාප මත නිලයට පත් කිරීම සදහා එම මනාපයන් සංඛ්‍යාව ස්කුල්ස් ක්‍රමය භාවිතයෙන් ගණනය කරනු ලබයි.

මැතිවරණ කමිටුව විසින් ජූනි 15 වැනි දින හෝ ඊට පෙර ජන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලබයි. විස්තර කරන ලද ප්‍රතිඵල එදිනට ලබා ගත හැක.

ජන්ද දායකයන් සදහා උපදෙස්[edit]

අවශ්‍යතා[edit]

සංස්කාරකයන්

විකීමීඩියාහි විකියන් වල ඔබට හිමි එක් ලියාපදිංචි කරන ලද ගිණුමක් මගින් ඔබට ඔබගේ මනාප ලබා දිය හැක (ඔබට හිමි කොතරම් ගිණුම් තිබුණද ඔබ විසින් මනාප ලබා දිය යුත්තේ එක් වරක් පමණක් බව සලකන්න). සුදුසුකම් ලැබීමට, මෙයින් එක් ගිණුමක් සදහා අවශ්‍ය වන්නේ:

  • එක ව්‍යාපෘතියකට වඩා අවෘත නොවිය යුතුයි; සහ
  • බොට් කෙනෙකු නොවිය යුතුයි; සහ
  • 2011 අප්‍රෙල් මස 15 වැනි දිනට පෙර අවම වශයෙන් සංස්කරණ 300 සිදුකර තිබිය යුතුයි; සහ
  • 2010 නොවැම්බර් මස 15 වැනි දින සහ 2011 මැයි මස 15 වැනි දින අතරතුර අවම වශයෙන් සංස්කරණ 20 සිදුකර තිබිය යුතුයි.
සංවර්ධකයන්

සංවර්ධකයන්ට මනාප ලබා දීම සදහා සුදුසුකම් ලබන්නේ ඔවුන්:

  • විකීමීඩියා සර්වර්වල ෂෙල් ප්‍රවේශයක් සහිත පරිපාලකයෙකු විය යුතුයි; හෝ
  • කොමිට් ප්‍රවේශයක් තිබිය යුතු අතර 2010 මැයි මස 15 වැනි දින සහ 2011 මැයි මස 15 වැනි දින අතර අවම වශයෙන් එක කොමිට් එකක් වත් සාදා තිබිය යුතුයි.
නිලධාරි මණ්ඩලය සහ කොන්තරාත්කරුවන්

විකීමාධ්‍ය පදනමෙහි නිලධාරි මණ්ඩලය සහ කොන්තරාත්කරුවන් 2011 පෙබරවාරි මස 15 වැනි දින සිට 2011 මැයි මස 15 වැනි දින තෙක් පදනමෙහි සේවය කරමින් සිටී නම් මනාප ලබා දීම සදහා සුදුසුකමක් ලැබේ.

මණ්ඩල සාමාජිකයන් සහ උපදේශක මණ්ඩල සාමාජිකයන්

භාරකාර මණ්ඩලය සහ උපදේශක මණ්ඩලයෙහි වත්මන් සහ හිටපු සාමාජිකයන් හට මනාප ලබා දීම සදහා සුදුසුකම් ඇත.

මනාපය දිය යුත්තේ කෙසේද[edit]

ඔබට මනාප ලබා දීම සදහා සුදුසුකමක් ඇත්නම්:

  1. අපේක්ෂක පිළිගැනීම් කියවා

ඔබගේ සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයන් සදහා දැයි තීරණය කරන්න.

  1. ඔබගේ මනාපය ලබා දීම සදහා සුදුසුකම් ලැබූ එක් විකියක "Special:Securepoll" වෙත යන්න. උදාහරණයක් ලෙස,

ඔබ මෙටාවිකි මුල් පිටුවෙහි ඉතාමත් සක්‍රීය නම්,

Special:Securepoll වෙත යන්න.

  1. එම පිටුවෙහි ඇති උපදෙස් පිළිපදින්න.

අපේක්ෂකයන් සදහා උපදෙස්[edit]

මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් කාර්ය සංකේත සහ වගකීම්[edit]

මණ්ඩල අත්පොත වෙතින්

භාරකාර මණ්ඩලය යනු විකීමාධ්‍ය පදනමෙහි පාලන බලධාරියන් වේ. මණ්ඩලයෙහි වගකීම් පහත දැක්වේ:

  • පරමාර්ථය, අභිමතාර්ථය, දීර්ඝ කාල සීමාවක් සහිත සැලසුම් සහ WMF වල උසස් මට්ටමේ ප්‍රතිපත්ති සහ එහි ව්‍යාපෘති නිශ්චයීය කිරීම
  • WMF වල විධායක අධ්‍යක්ෂකවරයා තෝරා ගැනීම (එහි දිනෙන් දින මෙහෙයුම් අභිප්‍රේක්ෂණය කිරීම සහ ඇයගේ හෝ ඔහුගේ ඇගැයීම් කරන පුද්ගලයා)

ක්‍රියාකාරිත්වය

  • සංවිධානයෙහි සංඛ්‍යාත්මක නිදහස් ආදායම් ප්‍රභව විනිසුම් කිරීම මගින් අනුමතය සුරක්ෂිත කිරීම
  • WMF වල පාලනය සහ ක්‍රියාකරකම් පිලිබදව ප්‍රජාව සමග සන්නිවේදනය කිරීම
  • ගණකාධිකරණය, අයවැය සකස් කිරීම සහ වැඩසටහන් පිලිබද සැලකිල්ලක් ඇති කාර්ය මණ්ඩලය වෙත අනවධානය ප්‍රතිපාදක කිරීම
  • නීතිමය සහ ආචාරධර්මී අවංකකම පවත්වා ගැනීම
  • නව භාරකාරවරුන් සහ පෙරදිග වැසියන් බඳවා ගැනීම
  • WMF වල පරමාර්ථය පොදුවේ සන්ධානය කිරීම

මණ්ඩලයෙහි ඇතුළත් නොකරන වගකීම්:

  • දවසින් දවස සිදුවන මෙභෙයුම්වලට මැදිහත් වීම (හදිසි අවස්ථාවන් හැර)
  • විකීමීඩියා ව්‍යාපෘති-මට්ටම්වල කර්තෘවාක්‍ය ප්‍රතිපත්ති පරිස්ථිතිය කිරීම
  • ප්‍රජාවෙහි මූලික මතභේද විභේදනය කිරීම
  • WMF විධිමත් සංවිධානික වැඩවල විශේෂිත ප්‍රදේශයන්හී ස්වේච්ඡා සේවයෙහි යෙදීම

ක්‍රියාකාරී භාරකරුවන්ගේ ලක්ෂණ:

  • උපාය සම්බන්ධීකම – උදා, දීර්ඝ කාලීන නියෝග සැපයීම
  • කරුණාවන්තකම – උදා, මතභේදකාරී වාදපද වලට ප්‍රතිගාමී තැනැත්තෙකු වීමෙන් වැලකීම
  • අවංකකම – උදා, සමස්ත පුද්ගලික හෝ විශේෂිත සංයෝගී ලැදිකම් ලෙස පදනමෙහි ශුභසිද්ධිය තබන්න
  • ප්‍රතිචාර්යතාව – උදා, අනෙකුත් භාරකරුවන්ගෙන් ලැබෙන ඉල්ලීම් ඊ මේල් කිරීම
  • නොනැවතී අනුගමනය කිරීම  – උදා, කමිටුවෙහි පැවරීම් සිදු කළ පරිදි කර්තව්‍යයන් නිම කිරීම.
  • විනීතකම – උදා, ඔබේ අදහස් වලින් වෙනස් ඒවා වුවද අනෙකුත් භාරකරුවන්ගේ තීරණාත්මක අදහස් වලට සැලකිලිමත්ව සවන්දීම
  • සහයෝගීකම – උදා, අනෙකුත් භාරකරුවන් සහ කාර්ය මණ්ඩලයෙහි විධායක අධ්‍යක්ෂක සමග හවුල්කරුවෙකු වීම

ඉල්ලුම්කරුවන් සදහා පූර්වාවශ්‍යතා[edit]

අපේක්ෂකයන් සදහා අවශ්‍ය සුදුසුකම් ජන්ද දායකයන් සදහා ඇති යෝග්‍යතා අවශ්‍යතා හා පහත දැක්වෙන අමතර අවශ්‍යතාද සමග සමාන වේ (ඉහත බලන්න):

  • ඔබගේ අපේක්ෂක ඉදිරිපත් කිරීමෙහි සදහන් වන සත්‍ය නාමය ප්‍රසිද්ධව අනාවරණය කල යුතුවේ (මණ්ඩල සාමාජිකයන්ගේ අනන්‍යතාවය පොදු වාර්තාවෙහි හේතුවන නිසාද භාරකාර මණ්ඩලයෙහි නිර්නාමිකව හෝ ව්‍යාජ නාම යටතේ ස්ථානාන්තරයක් බලපැවැත්වීම කළ නොහැකි නිසාවෙනි); සහ
  • අවම වශයෙන් වයස අවුරුදු 18 ක් විය යුතු අතර උත්පත්ති රටෙහි නීත්‍යානුකූල වයසකින් යුක්ත වීම අනිවාර්ය වේ; සහ
  • ඔබගේ අනන්‍යතා සෝදුපත විකීමාධ්‍ය පදනම වෙත භාර දෙන්න (පහත බලන්න).

ඔබගේ ඉල්ලුම්කරුවන් භාර දිය යුත්තේ කෙසේද[edit]

ඔබ සුදුසුකම් ලබා ඇත්නම්, පහත කාර්යයන් සිදු කිරීමෙන් පසු ඔබට ඔබගේ ඉල්ලුම්කරුවා භාර දිය හැක:

  1. භාරකාර මණ්ඩලය සදහා ඡන්දයෙන් පත්කල විට ඔබ කුමක් කරන්නේද කියා ඔබගේ අර්ථාන්විත මතයන්, අත්දැකීම් සහ අර්ථාන්විත යැයි ඔබට සිතෙන ඕනෑම දෙයක් යොදා වචන 1200 නොඅඩු සංක්ෂිප්ත සාරාංශයක් ලියන්න. ඔබගේ අපේක්ෂක සාරාංශ අනුසීමිත හෝ  අනෙකුත් කථිකාසන පිටුවල ලැයිස්තු මත සැබැදි ලෙස භාවිතා නොකරන්න, සහ අනෙකුත් අපේක්ෂකයන් සමග ගල්ලෑල්ල මත නොදුවන්න.
  2. ඔබේ සාරාංශය 2011 මැයි මස 2 වැනි දින 00:00 (UTC) සහ 2011 මැයි මස 22 වැනි දින 23:59(UTC) අතර භාරදෙන්න. මැයි මස 22 වැනි දිනෙන් පසු, එය සුථ සංශෝධන හැර නිදර්ශන, අක්ෂර වින්‍යාස සංශෝධන හෝ පරිවර්තනය කිරීම සදහා වෙනස්කල නොහැක. නියමිත කාලසීමාවෙන් පසු අන්තර්ගතට සපයන ඕනෑම එකතු කිරීමක් හෝ විපර්යාසයක් කාල-මුද්දර යෙදීම සහ නියම සාරාංශයෙන් වෙන වෙනම ඉදිරිපත් කිරීම කරනු ලබන අතර නියම සාරාංශයක් ලෙස එකම භාෂාවලට පරිවර්තනය කරන ලද ජන්ද දායකයින්ට පමණක් ඉදිරිපත් කෙරේ. වේලාසනින් ඉදිරිපත් කරන ලද්ද තවත්  භාෂාවලට පරිවර්තනය කිරීම සදහා කාල සීමාවක් ඇති බව ඔබ අනිවාර්යයෙන් මතක තබා ගත යුතුයි, තවද නියමිත දිනයට  හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලද්ද විශාල පරිවර්තනයක් ලෙස නොකෙරේ.
  3. ඔබගේ අනන්‍යතා සෝදුපත මැයි 22 ට පෙර විකීමාධ්‍ය පදනම වෙත භාරදෙන්න. අපේක්ෂකයෙකු ලෙස ඔබ විසින්ම මෙම  ලැයිස්තුවට ඇතුලත් කිරීමෙන් අවශ්‍යතා හමුවීම පිලිබද ඔබව මැතිවරණ කමිටුවේ සාමාජිකයෙකු විසින් වැඩිදුර විස්තර සමග  සම්බන්ධ කර ගනු ඇත. ඉහත අවශ්‍යතා සහ නියමිත කාලයක් තුල එකඟව ඉටු කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයන් නුසුදුසු කෙරේ.

සංවිධානය[edit]

කාල පෙළ[edit]

  • 2011 අප්‍රේල් මස 05 වැනි දින සිට මැයි මස 02 වැනි දින දක්වා: මූලික පරිවර්තන පියවර.
  • 2011 මැයි මස 02 වැනි දින සිට 22 වැනි දින දක්වා: අපේක්ෂක ඉදිරිපත් කිරීම්.
  • 2011 මැයි මස 22 වැනි දින: අනන්‍යතාවයේ සෝදුපත යැවීම සදහා නියමිත කාලය (ප්‍රමාද වූ හෝ නැතිවුණු ඉදිරිපත් කිරීම් නුසුදුසු වෙයි).
  • 2011 මැයි මස 29 වැනි දින සිට ජූනි මස 12 වැනි දින දක්වා: මැතිවරණය.
  • 2011 ජූනි මස 13 වැනි දින සිට 15 වැනි දින දක්වා: ඡන්ද-පරීක්ෂා කිරීම්
  • 2011 ජූනි මස 15 වැනි දින: ප්‍රතිඵල ප්‍රකාශනය කිරීම.

පරිවර්තකයන්[edit]

විකීමාධ්‍ය ප්‍රජාවෙහි නියෝජනාත්මක හරස්-ඒකකය මෙම මැතිවරණයෙහි කොටස්කරුවෙකු බව සහතික කරන්න, මැතිවරණ නිවේදන සහ අපේක්ෂක ප්‍රකාශන හැකි තරම් විවිධ භාෂාවලට පරිවර්තනය කිරීම අත්‍යාවශ්‍යයි. පරිවර්තන උදව් සදහා, කරුණාකර පරිවර්තන පිටුව බලන්න.